Home උණුසුම් පුවත් ඉන්ධන පිරවුම්හල් ගැන බුද්ධි අංශවලට විශේෂ නියෝගයක්

ඉන්ධන පිරවුම්හල් ගැන බුද්ධි අංශවලට විශේෂ නියෝගයක්

1
ඉන්ධන පිරවුම්හල් ගැන බුද්ධි අංශවලට විශේෂ නියෝගයක්

ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදීසිටිමින් අනවශ්‍ය කලබල ඇතිකරන සහ කප්පම්ගන්නා පිරිස් සම්බන්ධයෙන් සොයාබලන ලෙස පොලිස් මූලස්ථාන විසින් බුද්ධි අංශවලට උපදෙස් ලබාදී ඇත.

නගාරික මෙන්ම ගම්බද පිහිටි බොහෝ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදී සිටින පිරිස් බලහත්කාරයෙන් ඉන්ධන ලබාගෙන එම ස්ථානයේදී වැඩි මිලට අලවි කිරීම, තම හිතවතුන්ගේ වාහනවලට පමණක් ඉල්ධන ලබා දීම, කප්පම් ගැනීම වැනි ක්‍රියාවන් සිදු කරන බවට පොලිස් මූලස්ථානයට පැමිණිළි රැසක් ලැබී ඇත.

සංවිධානාත්මක පිරිස් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් සොයා ගොස් ඔවුන්ට තර්ජනය කර පිරවුම්හල්වල පාලනය තම අතට ගැනීම පසුගිය දින කීපය තුළම සිදුවී ඇත.

එම කණ්ඩායම්වලට ඇති බිය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් මේ බව පොලීසියට හෝ දැන්වීමට කටයුතු කර නොමැති බවද දැන ගන්නට ඇත.

ඉන්ධනහල්වල ආරක්ෂාව සදහා මේ වනවිට යුධ හමුදාව අනියුක්ත කිරීමද සිදු වේ. තම පිරවුම්හලට යුධ හමුදා ආරක්ෂාව අවශ්‍ය වන්නේ නම් ඒ බව පිරවුම්හලේ හිමිකරු විසින් අදාල අංශ වෙත දැණුවත් කිරීමක් සිදු කළ යුතු වේ.

නමුත් කප්පම්කරුවන් සහ කලබල ඇති කරන්නන් විසින් දිගින් දිගටම සිදුකරන බලපෑම් හේතුවෙන් බොහෝ පිරවුම්හල් හිමිකරුවන් යුධ හමුදා ආරක්ෂාව නොපතන බවද කියති.

යම් ආකාරයකට යුධ හමුදාව පිරවුම්හල් වෙත අනියුක්ත කර තිබුනහොත් තමන්ගේ කටයුතු කරගෙන යාමට බාධාවක් ඇති වන නිසා බොහෝ කප්පම්කරුවන් සහ කලබල කරන්නන් පිරවුම්හල් හිමිකරුවන්ට බලපෑම් එක්ක කරන බවද කියති.

මෙසේ කප්පම් ගැනීම් සහ කලබල කරන්නන් පසුපස සිටින්නේ ප්‍රාදේශීය දේශපාලකයින් මෙන්ම විවිධ ජාවාරම්කරුවන් බවටද හදුනා ගෙන ඇති බව විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරියෙකු පැවසීය.

1 COMMENT

  1. හැම සෙඩ් එකකම මැරයො ඉන්නව
    පොලිසිය බයයි. උන්ට උවමනා විදියට තමයි තෙල් ගහන්නෙ
    පෝලිම් වල ඉන්න අයට තෙල් නැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here