කල්පිටිය – ඒත්තාලේ ඉන්ධන පිරවුම්හල අසලදී සිදුවී ඇති පහර දීමකින් එකම පවුලේ දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.
ඊයේ(21) වැනිදා 10.40 ට පමණ මෙම පහර දීම සිදුවී ඇත.
පහර කෑමට ලක්ව ඇත්තේ කල්පිටිය – තලවිල පදිංචිකරුවන් වන එදිරිසිංහ ආරච්චිලිගේ තරිදු ප්‍රියශාන් (අවු:25) සහ එදිරිසිංහ ආරච්චිලාගේ හර්ෂ චතුරංග (අවු:28) නම් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි.
තුවාලකරුවන් එම අවස්ථාවේදීම කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.ඉන් බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකුව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.
පහර දීම හේතුවෙන් තුවාලකරුවන්ගේ හිසට හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්ධන පෝලිමේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව පහර දීම සිදු කර ඇති බව පොලීසිය සදහන් කරයි.
සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.