Home උණුසුම් පුවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙන්නෙක් කේරළ ගංජා ඇදලා මාට්ටු

නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙන්නෙක් කේරළ ගංජා ඇදලා මාට්ටු

0
නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙන්නෙක් කේරළ ගංජා ඇදලා මාට්ටු

කේරල ගංජා තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 21 වැනිදා සවස පුත්තලම – කොට්ටුකච්චිය,ඇතුන්ගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුවන් සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 650 ක ප්‍රමණයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

සැකකරුවන් ගංජා ප්‍රවාහනය සදහා යොදා ගෙන ඇත්තේ නාවුක හමුදාවට අයත් යතුරු පැදියකින් බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

සැකකාර නාවුක හමුදා සෙබළුන් දෙදෙනා පුත්තලම – තම්බපණ්ණි නාවුක හමුදා කදවුරට අනියුක්තව සේවය කරමින් සිට ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

අත්අඩංගුව ගෙන ඇති නවුක හමුදා සෙබළුන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබූ කේරල ගංජා තොගයද,ගංජා ප්‍රවාහනය සදහා යොදා ගත් යතුරු පැදියක වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දී ඇත.

මේ අතර, මුන්දලම-උඩප්පුව මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 543 ක ප්‍රමාණයක් පසුගිය 19 වැනිදා සවස නාවුක හමුදා බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබුණි.

මෙම කේරල ගංජා තොගයේ හිමිකරුවන් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here