Home උණුසුම් පුවත් මුහුදු ගොඩගැලීම නිසා හලාවත-නයිනමඩම පාර අවදානම්

මුහුදු ගොඩගැලීම නිසා හලාවත-නයිනමඩම පාර අවදානම්

0
මුහුදු ගොඩගැලීම නිසා හලාවත-නයිනමඩම පාර අවදානම්

හලාවත සිට නයිනමඩම දක්වා ඇති මාර්ගය මුහුදු ගොඩගැලීම හේතුවෙන් හානියට පත් වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
පසුගිය 11 වැනිදා දහවල් එක් වරම මුහුද ගොඩ බිමට වේගයෙන් කඩා වැදීම සිදු වූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

තොඩුවාව මෝයට උතුරු දෙසින් ඇති ප්‍රදේශය මාස කීපයක සිට දැවැන්ත ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇත.මෙම හේතුව නිසා එම ස්ථානයේ පිහිටා තිබූ නිවාස දෙකකටමද හානි සිදු වී ඇත. මුහුදු ඛාදනය වෙමින් පවතින වෙරළ තීරයට කඩිනමින් ගල් වැටි යෙදීමක් සිදු නොකළ හොත් විනාශ විනාශයක් සිදු විය හැකි බව පසුගිය දිනවල ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය මාසයේද මේ ආකාරයට මුහුද රළු වී හලාවත – නයිනමඩම මාර්ගය හරහා ගලා යන්නට විය.මේ හේතුවෙන් එම මාර්ගයේ ස්ථාන කීපයකටද හානි සිදු වී ඇත.මුහුදු ජලය ගලා ඒම හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු සදහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here