මුල් පිටුව උණුසුම් පුවත් මන්නාරමේ විදුලි ව්‍යාපෘතිය ගැන ලංවිම සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

මන්නාරමේ විදුලි ව්‍යාපෘතිය ගැන ලංවිම සභාපතිගේ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කරයි

0

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීම ය.

ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේදී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට
අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version