විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සියයට 100 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය සඳහන් කරන්නේ අද (8)දිනය තුළ පමණක් විදෙස් ගමන් බලපත්‍ර 2,500ක් නිකුත් කළ බවයි.
මීට සති දෙකකට පමණ ඉහතදී විදෙස් ගමන් බලපත්‍ර 1200 ක් පමණක් නිකුත් කළ ද මේවනවිට දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කරන බවයි.
එබැවින් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිනෙන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටි.
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගමන් බලපත්‍ර නිකුත් කිරීම පෙරවරු 6.15 ට ආරම්භ කර රාත්‍රී 10.00 ට අවසන් කිරීමට සිදුව ඇති බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.