තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍ය අගමැතිට විශ්වාසභංගයක්

    බ්‍රිතාන්‍ය අගමැතිට විශ්වාසභංගයක්

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විශ්වාසභංග ඡන්ද විමසීමකට පස්වරුවේදී මුහුණදීමට නියමිතය.

    ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව ඔහුට සිය අග්‍රාමාත්‍ය ධුරයද අහිමි කිරීමේ හැකියාවක් පවතින බවටද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ජොන්සන් හට කොරෝනා වෛරසය පැතිර ගිය කාල සීමාවේදී සිය නිල නිවසේදී මත්පැන් සාදයන් පැවැත්වීම සහ ඊට අදාලව දඩ නියමවීම මෙම විශ්වාසභංග යෝජනාවට හේතුවී ඇති බවටද වාර්තාවේ.

    බ්‍රිතාන්‍ය පුරා කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට සංචරණ සීමා පනවා තිබූ කාලයේදී අග්‍රාමාත්‍ය ජොන්සන් සිය කාර්යාලයේ සේවක මඩුල්ල සහ තවත් පාර්ශයන් එක්ව සිය නිල නිවසේදී සාදයන් පැවැත්වූ බවත් එහිදී මත්පැන් පවා පානය කළ බවටත් අනාවරණය විය.

    ඒ අනුව ඊට ඔහුට පසුගියදා දඩ මුදලක්ද නියමවූ අතර එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ධූරයෙ සිටියදී නීතිවිරෝධි කටයුත්තක නිතරවීමට දඬුවම් ලද පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේද ඔහුය.

    කෙසේවෙතත් ජොන්සන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තුල දැඩි අප්‍රසාදයක් මතුවූ අතරම මේවන විට එරට ආහාර සහ බලශක්ති වියදම් සීග්‍රයෙන් ඉහළයාම නිසා ජනතාව අතරද දැඩි අප්‍රසාදයක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

    ජොන්සන් විශ්වාසභංගය ජයගත්තද ඔහුගේ දේශපාලන අනාගතය බොහොවිට මින් අවසන් වනු ඇති බවටද විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර මීට පෙර බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ තරේසා මේ හටද විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර එහිදී ඇය එය ජයගත්තද පසුව ඇය සිය ධුරයෙන් ඉවත්වූවාය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img