මුල් පිටුව උණුසුම් පුවත් ඇමති ප්‍රසන්නට අත්හිටුවූ සිර දඬුවමක්

ඇමති ප්‍රසන්නට අත්හිටුවූ සිර දඬුවමක්

0

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට අදාළව වරදකරු වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවම් වසර 5 කට අත්හිටුවන බවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කර තිබේ.

විත්තිකරුට රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැරහරිනු ලැබුවහොත් අමතරව මාස 9 ක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැර ලැබූවහොත් අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබාසිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙක් නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

මෙම සිද්ධිය වී තිබුණේ 2015 වසරේදී ය. බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් ඉල්ලා තර්ජනය කිරීමකට අදාළව මෙම නඩුව විභාග විය.

නඩුව පැවරුණේ ඉකුත් යහපාලන රජය සමයේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version