Home උණුසුම් පුවත් රුසියා ගුවන් යානයේ ප්‍රශ්නය ඉක්මනින් නොවිසඳුවොත් වෙන දේ ඇමති දිනේෂ් කියයි

රුසියා ගුවන් යානයේ ප්‍රශ්නය ඉක්මනින් නොවිසඳුවොත් වෙන දේ ඇමති දිනේෂ් කියයි

රුසියා ගුවන් යානයේ ප්‍රශ්නය ඉක්මනින් නොවිසඳුවොත් වෙන දේ ඇමති දිනේෂ් කියයි

මෙරට රඳවා තබාගෙන තිබෙන රුසියාවේ එරෝෆොලොට් ගුවන්යානය සම්බන්ධ ප්‍රශ්නය කඩිනමින් විසඳාගත යුතුව ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එසේ නොවුනොත් මෙරටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එබැවින් මෙම ප්‍රශ්නය වහාම විසඳාගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

දැනටමත් රුසියානු Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඒ, Aeroflot ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here