මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකා පොලීසියේ සුභසාධනයට නවසීලන්තයේ අතහිත

ශ්‍රී ලංකා පොලීසියේ සුභසාධනයට නවසීලන්තයේ අතහිත

0

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය සහය ලබාදීමට නවසීලන්ත රජයේ උපරිම සහය ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහතික වී තිබේ.

නවසීලන්ත මහකොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමති අතර බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති හමුවකදී මේ බව සඳහන් ව ඇත.

මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය, තරුණ විරෝධතා පිළිබඳව සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධෙයන් මෙන්ම රටේ පවත්නා ආර්ථික, සමාජයීය තත්ත්වය ආදී කරුණු පිළිබඳව මෙහිසී විශේෂයෙන් සාකච්ඡා වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මුහුදු සීමා හරහා අනවසරෙයන් ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය වීම යන කරුණු සම්බන්ධෙයන් එහිදී අවධානය යොමුව තිබෙන බවද සඳහන්ය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහා නවසීලන්ත රජයේ උපරිම සහය මෙනක්ම ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය සහය ද ලබා දෙන බව යැයි . නවසීලන්ත මහ කොමසාරිස්වරයා පැවසා තිබේ.

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ‍ලෙස ටිරාන් අලස් මහතා පත්වීම පිළිබඳව නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය සුභාශිංසන පළ කිරීම ද එහිදී සිදුවූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ද එක්ව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version