තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 4 වැනිදා රන්ජන් කරන්න යන දේ..

    ලබන 4 වැනිදා රන්ජන් කරන්න යන දේ..

    අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී බන්ධනාගාරගතව සිටින සිනමා නළු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන මස 4 වැනිදා ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට පෙනීසිටීමට නියමිතව තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා මේ බව සඳහන් කළේය.

    මේවනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳිමින් සිටින ඔහු බන්ධනාගර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර නිළධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීමෙන් අනතුරුව රංජන් රාමනායක මහතාට අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දුන් බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

    ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක මහතාට එළබෙන 4 වැනිදා විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවද චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img