නැවත දැනුම් දෙනතුරු තම කාර්ය මණ්ඩලය සඳුදා, බදාදා සහ සිකුරාදා දින තුනේදී පමණක් සේවයට වාර්තා කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව අදාළ දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සේවය සපයනු ලබන බවත් එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එම තෙදින තුළ කාර්ය මණ්ඩලය කාර්යාලයේ සිට සේවය කළ යුතු අතර අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින නිවසේ සිට සේවය කළයුතු ය.
එබැවින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින සේවා ලබාගැනීමට කාර්යාලයට නොපැමිනෙන ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.