තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට තරුණයන්ට මැලේසියාවේ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා

    මෙරට තරුණයන්ට මැලේසියාවේ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා

    මැලේසියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම සඳහා පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    තමා විදේශ රැකියා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ ඉකුත් 2016 වසරේදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බවද එම ගිවිසුම නැවතත් සලකා බලා මැලේසියානු පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කරන බවද ඇමැතිවරයා කීය.

    ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා සමඟ සමග හමුවක් අද පැවති අතර පැවැති අතර එහිදී මෙරට තරුණයින්ට වැඩි වැඩියෙන් මැලේසියාව රැකියා අවස්ථා හිමිකරදීමට මහකොමසාරිස් වරයා එකඟ වූ බවද නානායක්කාර මහතා කීය.

    මැලේසියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට අවම වැටුපක් හදුන්වා දීමට ද පියවර ගන්නා බවද මැලේසියානු මහකොමසාරිස්වරයා පැවසූ බව මනුෂ නානායක්කාර මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img