තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අවුලක්

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අවුලක්

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් වාර්තා වී තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

    සපුගස්කන්ද තෙල් පිරිපහදු මාස තුනකට අධික කාලයක් ක්‍රියාත්මක නොවූ හෙයින් එම තාක්ෂණික දෝෂ වාර්තා වන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් අදාල දෝෂය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවද විජේසේකර මහතා කීය.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ට අවශ්‍ය බොරතෙල් ආනයනය කර ඇති හෙයින් හැකි ඉක්මනින් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img