තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවා පිටේ බැඳන් වීදි පිරිසිදු කරනා දිරිය මව

    දරුවා පිටේ බැඳන් වීදි පිරිසිදු කරනා දිරිය මව

    ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ වීදී පිරිසිදු කරනු ලබන දිරිය මවක් සම්බන්ධයෙන් වාර්තා වේ.

    නමින් ලක්ෂ්මි මුකී වන ඇය, සිය අත දරුවා සිය පිටේ බැද වීදි අතුගාමින් පිරිසිදු කරන අයුරු එම ප්‍රදේශයේ සුලබ දසුනකි.

    මේ සම්බන්ධයෙන් ඇය පවසන්නෙ ” මම බාරිපාඩා නගරසභාවේ වසර දහයක ඉඳන් සේවය කරනවා. මම තනියමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා මම මගේ දරුවා පිටේ බැඳගෙනයි රැකියාව කරන්න වෙලා තියෙන්නෙ. ඒත් ඒක මට ලොකු ගැටලුවක් නෙමෙයි. මම මගේ රාජකාරි ඉටුකරනවා.

    ඇය සම්බන්ධයෙන් බරිපාඩා මහ නගර සභාවේ සභාපති බඩල් මොහාන්ති මෙලෙස අදහස් දැක්වීය,

    “ලක්ෂ්මි අපගේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක්. පෞද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා ඇය තම දරුවා ද රැගෙන දිනපතා තම රාජකාරිය ඉටු කරනවා. මම මගේ නිලධාරීන්ට ඇයගේ අවශ්‍යතා පිළිබඳව නිරීක්‍ෂණය කරන ලෙස උපදෙස් දී තිබෙනවා, කිසියම් ගැටලුවක් ඇත්නම් අපි ඇයට සහාය දෙන්න සූදානම්”

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img