Home උණුසුම් පුවත් මත්පැන් සහ මද්‍යසාර සඳහා නව ප්‍රමිතීන් නිකුත් කෙරේ

මත්පැන් සහ මද්‍යසාර සඳහා නව ප්‍රමිතීන් නිකුත් කෙරේ

මත්පැන් සහ මද්‍යසාර සඳහා නව ප්‍රමිතීන් නිකුත් කෙරේ

ශ්‍රී ලංකාව තුල නිපදවන සහ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මත්පැන් සහ මද්‍යසාර සඳහා නව ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් ලබාදී තිබු උපදෙස් අනුව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය යන ආයතනවල මෙන් ම දේශීය මත්පැන් කර්මාන්තයේ නියෝජිතයින්ගේ පුළුල් සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නව ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කර ඇත.

බීර, විස්කි, බ්‍රැන්ඩි, ජින්, රම්, ටෙකීලා අරක්කු වර්ග සහ අනුකාරක විදේශ මත්පැන් සඳහා වූ ප්‍රමිතිය ප්‍රකාශයට පත් කර ඇත.

මීට අමතරව අමතරව රා, සකේ සහ තවත් මත්පැන් වර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී නව ප්‍රමිතීන් හඳුන්වා දෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here