
හැකි ඉක්මණින් මත්පැන් සඳහා ප්‍රමිතීන් නියම කරන ලෙස පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එමෙන්ම අදාළ ප්‍රමිතින් වහාම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නැයිද රාජ්‍ය ගිණුම් කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රමිති ආයතනය සමග එක්ව මේ වනවිට මත්පැන් සඳහා ප්‍රමිතීන් සකස් කරමින් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් කාරක සභාවට දැනුම් දී තිබේ.
එමෙන්ම ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විවිධ කොන්දේසි ඇතුළත් කරමින් වෙළෙඳපොළ තුළ ඒකාධිකාරියක් ඇති කිරීමට ගන්නා පියවර වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද රාජ්‍ය ගිණුම් කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවටදැනුම් දී ඇත.