
රටපුරා සියලු රෝහල්වල මේ වනවිට ඖෂධ රැසක හිඟතාවයක් පවතින බවත් එමගින් ජනතාව බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකාව ඇතුළු බෝනොවන රෝග සඳහා භාවිත කරන ඖෂධ, වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ, ශ්වසන උපකරණ, සේලයින් සහ කුඩා ළමුන්ගේ අපස්මාරය, හතිය වැනි රෝගවලට ලබාදෙන ඖෂධ ඇතුළු ඖෂධ රැසක හිඟයක් පවතින බව ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ තත්ත්වය නිසා සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බවද ඔහු කීය.
නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව වහා මැදිහත් නොවන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩව වැඩ වර්ජනයක් දියත් කරන බවද ජයන්ත බණ්ඩාර මහතා කීය.