Home උණුසුම් පුවත් කෘෂි – ආහාර ගැන මහචාර්යවරු පිරිසකගෙන් යෝජනාවලියක්

කෘෂි – ආහාර ගැන මහචාර්යවරු පිරිසකගෙන් යෝජනාවලියක්

කෘෂි – ආහාර ගැන මහචාර්යවරු පිරිසකගෙන් යෝජනාවලියක්

මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල තුනක මහචාර්යවරුන් පිරිසක් යෝජනාවලියක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාරදී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහචාර්ය බුද්ධි මාරඹේ, මහචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහචාර්ය දේවිකා ද කොස්තා, මහචාර්ය අරුණ කුමාර, මහචාර්ය සීවනන්දවේල්, මහචාර්ය සමන් ධර්මකීර්ති, මහචාර්ය මෙත්තිකා විතානගේ,  මහචාර්ය නාලිකා රණතුංග, මහචාර්ය වර්ෂි දන්දෙණිය, මහචාර්ය නිලන්ත ලියනගේ යන මහාචාර්යවරුන් දස දෙනා විසින් මෙම යෝජනාවලිය සකස් කර තිබේ.

කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙම යෝජනාවලිය සකස් කර ඇත.

ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහාම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බව එම මහාචාර්යවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දන්වා තිබේ.

මහචාර්යවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින්  යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here