Home උණුසුම් පුවත් සතියයි – ඩෙංගු රෝගීන් 1500 යි

සතියයි – ඩෙංගු රෝගීන් 1500 යි

සතියයි – ඩෙංගු රෝගීන් 1500 යි

පසුගිය සතිය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 1,576 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එය පෙර සතියට වඩා සියයට 21.8 ක ඉහළයෑමක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම ප්‍රමාණය 409 කි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 171 ක්,කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 157, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 119ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මේ අතර වසරේ ගතවූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 21,484 දෙනෙකු හඳුනාගෙන ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here