Home උණුසුම් පුවත් ඔක්ටේන්-95 පෙට්‍රල් ගැන ඇමති කිව්ව දේ

ඔක්ටේන්-95 පෙට්‍රල් ගැන ඇමති කිව්ව දේ

ඔක්ටේන්-95 පෙට්‍රල් ගැන ඇමති කිව්ව දේ

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට දිවයින පුරා බෙදා හැරීමට සිදුකරන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙරට ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේබව සඳහන් කර තිබිණි.
ප්‍රෙටල් රැගත් නෞකා දෙකක් මෙරටට ගොඩබෑමත් සමඟ මෙලෙස ඕක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලබාදීමට හැකියාව පවතින බවත් එම ඉන්ධන තොග සති 6ක කාලයක් සඳහා ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව ඕක්ටේන් 95 ඉන්ධන ලබා ගැනීමට බලාපොරෙත්තු වන පාරිභෝගයින් අද දින ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන ඉන්ධන පෝලිම් වලට රැදී නොසිට හෙට දිනයේ සිට අපහසුවකින් තොරව ඉන්ධන ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here