මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ කොටසකට පැය 10ක් වතුර කැපේ

කොළඹ කොටසකට පැය 10ක් වතුර කැපේ

0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලඅපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) උදෑසන 8.00 දක්වා ය.

මේ අනුව අදාල කාලය තුළදී කොළඹ 12/13/14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි.

ඊට අමතරව කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 දක්වා අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුවේ.

ජලය බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version