තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංඥා පුවරු - ඩිජිටල් පුවරු - LED සං‍ඥාවලට විදුලි භාවිතය නවත්වන්න

    සංඥා පුවරු – ඩිජිටල් පුවරු – LED සං‍ඥාවලට විදුලි භාවිතය නවත්වන්න

    විදේශ විනිමය හිඟය හේතුවෙන් පැන නැගී ඇති ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරන තුරු බලශක්ති පරිභෝජනය සීමා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ඒ අනුව සංඥා පුවරු, නියෝන් සහ LED සං‍ඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීමට ජාතික විදුලි පද්ධතියෙන් සෑහෙන විදුලියක් භාවිත වන හෙයින් ඒවා භාවිතා කිරීම නතර කරන්නැයි ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

    ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝක කිරීම හා අන් සියලු සියළු ආකාර ආලෝකකරණය සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය භාවිත නොකරන ලෙස ඉල්ලා සිටින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img