Home උණුසුම් පුවත් ළමුන් ලක්ෂ 4කට පවුල් 15,000 කට ආහාර ආධාර ජපානයෙන්

ළමුන් ලක්ෂ 4කට පවුල් 15,000 කට ආහාර ආධාර ජපානයෙන්

ළමුන් ලක්ෂ 4කට පවුල් 15,000 කට ආහාර ආධාර ජපානයෙන්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාර මුදලක් ප්‍රදානය කරන බව ජපාන රජය අද නිවේදනය කළේය.

මෙම අර්බුදකාරි අවස්ථාවේදී සහාය අවශ්‍ය හෙයින් ළමයින්ගේ සහ පවුල්වලට ආහාර සහනාධාර ලබාදීම සඳහා මෙම ආධාර මුදල ලබා දෙන අතර එය එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ විසින් උපයෝගී කර ගන්නා බව ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ජපාන රජයේ නියෝජිත කට්සුකි කොටාරෝ මහතා අදහස් දක්වමින් හදිසි ආධාර ලබාදීම යටතේ ජපාන රජයේ ලෝක ආහාර වැඩපිළිවෙළ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම ආහාරවලට සබලකරණය කළ සහල් පරිප්පු සහ තෙල් අයත් වන අතර ආසන්න වශයෙන් පහළොස් දහසක් පමණ වූ නාගරික හා ග්‍රාමීය ජනතාවට දිවයින පුරා විසිරී සිටින තුන් ලක්ෂ අසූ දහසක් පමණ වූ පාසල් ළමුන්ටත් ළමුන්ටත් මෙම සහනාධාර හිමිවන බවද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here