තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිඟුපිටි මිල යළිත් ඉහළට

    තිරිඟුපිටි මිල යළිත් ඉහළට

    තිරිඟුපිටි මිල යළිත් වරක් රුපියල් 35කින් පමණ ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ නව මිල වැඩිකිරීමත් සමඟ කිලෝ 50 තිරිඟුපිටි මිටියක මිල රුපියල් 12, 500 ක් වන බවයි.

    මේ ආකාරයට තිරිඟු පිටි මිල සීඝ්‍ර ලෙස ඉහළයෑම හේතුවෙන් තම කර්මාන්තය තවදුරටත් කරගෙනයෑමේ අපහසුවක් පවතින බවද ඔහු සදහන් කළේය.

    මෙරටට තිරිඟුපිටි සපයන සමාගම් දෙකක තිබෙන බවත් ඉන් එක් සමාගමක් ⁣විසින් මෙලෙස තිරිඟුපිටි ඉහළ දමා තිබෙනවා බවද ජයවර්ධන මහතා පැවසීය.

    වර්තමානයේදී රජයක් නොමැති තත්ත්වය තුළ මේ සම්බන්ධයෙන් සොයාබැලීමට හෝ පැමිණිලි කිරීමට ද කිසිවකු නැතැයිද එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img