Home උණුසුම් පුවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරේ

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරේ

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරේ

මේවනවිට රට මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අහේනිය හේතුවෙන් ලබන මස සිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතාට උපදෙස් දී තිබේ.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අග්‍රාමාත්‍ය කාර්යාලය සිය වියදම් කපා හැර අනෙකුත් රජයේ කාර්යාලවලටද ආදර්ශයක් දිය යුතු බව අගමැතිවරයාගේද අදහස වී ඇතිබව වාර්තා වේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් ආපසු මුල් ආයතනවලට යවා ඇති අතර වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක් ආපසු බාර දී තිබේ.

කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කරගෙන යෑමට අගමැතිවරයා තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here