මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධයක්

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධයක්

0

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය මේ වන විට පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් සිටී.

එම උද්ඝෝෂණයේ නිරත ශිෂ්‍යයින් එම අරගලයට පහරදීමට ආධාර අනුබල දුන් බවට නම කියවෙන පොලිස් නිලධාරීන්ට පවා සිය විරෝධය පාමින් සටන් පාඨ කියමින් රැස්ව සිටී.

පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ගේට්ටුව වසා පොලිස් නිලධාරීන් පොලිස් මූලස්ථානයට වී සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version