Home උණුසුම් පුවත් කසිප්පු ජාවාරමුන්ගේ පහර කෑ පොලිස් සහයක රෝහලට

කසිප්පු ජාවාරමුන්ගේ පහර කෑ පොලිස් සහයක රෝහලට

0
කසිප්පු ජාවාරමුන්ගේ පහර කෑ පොලිස් සහයක රෝහලට

කසිප්පු ජාවාරම්කරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් සහායකවරයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රහාරයට ලක්ව ඇත්තේ පොලිස් සහායක සමන්ත ද සිල්වා නම් අයෙකි. හෙතෙම පල්ලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට ඇත.

15 වැනිදා අළුයම 4.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත. පල්ලම පොලිස් වසමේ පොත්තුක්කුලම සම්පත් මංකඩ ආසන්නයේදී මෙම පහර දීම සිදු වී ඇත.

දැදුරුඔයෙන් වැලි ගොඩ දැමීම ශේෂ්ඨාධිකරණය විසින් තහනම් කර ඇත. නමුත් පල්ලම – පොත්තුක්කුලම ප්‍රදේශයේ ඇති දැදුරුඔයේ සම්පත් මංකඩ ආසන්නයේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම් සිදු වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

පොලිස් සහායකවරයාව එම වැලිමංකඩ ආසන්නයේ රාජකාරි කටයුතු සදහා යොදවා ඇත්තේ ඒ අනුවය.

පොලිස් සහායකවරයා එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටින අතර තුර පැමිණ ඇති පිරිසක් පහර දීම සිදු කර පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

පහර දීම සිදු කර ඇත්තේ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය කියයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here