Home උණුසුම් පුවත් හලාවතදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට

හලාවතදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට

0
හලාවතදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට

මැයි මස 09 වැනිදා හලාවත සහ අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

හලාවත,මාදම්පේ,ආරච්චිකට්ටුව,නාත්තන්ඩිය,දංකොටුව,වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි දේශපාලකයින් කීප දෙනෙකුගේම නිවාස වලට පහර දීම් සහ ගිනි තැබීම් පසුගිය 09 වැනිදා සිදුවී තිබුණි.අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධීන් වලට සම්බන්ධ පිරිස් බව පොලීසිය කියයි.

ඒ අනුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් 03 ක්ද,හලාවත පොලීසිය විසින් 01 ක් අයෙකුවද, කොස්වත්ත පොලීසිය විසින් 01අයෙකුවද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර,වෙන්නප්පුව පොලීසිය විසින් 01 කුවද,දංකොටුව පොලීසිය විසින් 04 කු සහ මාදම්පේ පොලීසිය විසින් 03 කුවද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත සහ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයන් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මැයි මස 09 වැනිදා සිදුවූ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ම පත් කර ඇති බව හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා පැවසීය.

ඒ අනුව සෑම පොලීසියකම ස්ථානාධිපති,අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිති යන අයගේ මූලිකත්වයෙන් කණ්ඩායම් දෙකක්ද,ඊට අමතරව කොට්ඨාස බාර විශේෂ අපරාධ විමර්ශණ අංශය,සහ කොට්ඨාස බුද්ධි අංශයද විමර්ශණ කටයුතු සදහා යොදවා ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here