මුල් පිටුව උණුසුම් පුවත් රටපුරා ප්‍රචණ්ඩත්වය පැතිරූ අය ගැන විමර්ශන

රටපුරා ප්‍රචණ්ඩත්වය පැතිරූ අය ගැන විමර්ශන

0

අරලියගහ මන්දිරය අසල සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිස් වෙත එල්ලවූ ප්‍රහාරයෙන් පසු සිදුවූ නිවාස ගිනි තැබීම් පහරදීම් සහ ගිනි තැබීම් මෙන්ම පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතාට පවරා තිබේ.

ඒ අනුව අජිත් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අදාලව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, කොට්ඨාශභාර නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට අද උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇත.




කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version