මුල් පිටුව උණුසුම් පුවත් දේශබන්දුට පහරදුන් අයගේ පැටිකිරිය මෙන්න

දේශබන්දුට පහරදුන් අයගේ පැටිකිරිය මෙන්න

0

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේදී පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පැටිකිරිය මේ වන විට හෙළිවී තිබේ.

දෙදෙනෙක් අනුරාධපුරයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙක් දෙමටගොඩ පදිංචිකරුවෙකි.

අනුරාධපුරයේ පදිංචිකරුවන්ගෙන් අයෙක් මාළඹේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තැනැත්තෙකි. අනිත් පුද්ගලයා පුද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරතව සිටින්නෙක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තුන්වැන්නා වන දෙමටගොඩ පදිංචිකරු කූරියර් සේවයක සේවය කරන්නෙකි.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් එම පහරදීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් බේරේ වැවට දමා තිබුණු වාහන බැලීමට පැමිණි බවත්ය.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ එම පහරදීම සිදුවන අවස්ථාවේදී පටිගත වී තිබුණු වීඩියෝ දර්ශන පරීක්ෂා කරමින් මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් හදුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version