මුල් පිටුව උණුසුම් පුවත් නිධානයක් ගොඩගන්න ගිය 10ක් කොටුවේ

නිධානයක් ගොඩගන්න ගිය 10ක් කොටුවේ

0

නිධානයක් ගොඩගැනීමට සූදානම් වූ පිරිසක් උඩවලව පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දස දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම උඩවලව මලබොටුවආර ප්‍රදේශයේ යම් ස්ථානයක නිධානයක් ගැනීමට සූදානම් වන බවට පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අත්අඩංගුවටගත් පිරිස අවුරුදු 16ත් 45ත් අතර වයස්වල පසුවන නාරාහේන්පිට, ඔබේසේකරපුර, බොරලැස්ගමුව සහ කොළඹ 05 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කැණීම් උපකරන මෙන්ම පූජා භාණ්ඩද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version