මුල් පිටුව උණුසුම් පුවත් ගෘහස්ථ ගෑස් ගන්න පෝලිම්වල ඉන්න එපා – ලීට්‍රෝ

ගෘහස්ථ ගෑස් ගන්න පෝලිම්වල ඉන්න එපා – ලීට්‍රෝ

0

ගෘහස්ථ ගෑස් ලබාගැනීමට පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ලීට්‍රෝ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය.

දැනට ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෘහස්ථ භාවිතය සඳහා LP ගෑස් නිකුත් කළ නොහැකි අතර ගෑස් නිකුත් කරනු ලබන්නේ කාර්මික අරමුණු සඳහා පමණක් බව එම සමාගම කියයි.

ගෑස් තොග රැගෙන මෙරටට ලගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ඔහු කීය.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් රැගත් නෞකා 02 ක් ලබන සිකුරාදා සහ සෙනසුරාදා මෙරටට ළගාවීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version