මුල් පිටුව දේශීය පුවත් GOSSIP නිමල් සිරිපාලත් අගමැතිකම ඉල්ලයි

නිමල් සිරිපාලත් අගමැතිකම ඉල්ලයි

0

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත්වන්නේ නම් අග්‍රාමාත්‍ය ධුරය තම පක්ෂයට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍යධූරය සඳහා ශ්‍රී.ල.නි.ප ජේෂ්ඨ උපසභාපති,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරන ලෙසද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තම සහයෝගය නොමැතිව රජය පවත්වාගෙන ⁣යාම අසීරු බැවින් තම පක්ෂය අවතක්සේරු නොකරන ලෙසද ශ්‍රී.ල.නි.ප.ය රජයේ ඉහළ පෙළේ නායකයන්ට පෙන්වාදී ඇතැයිද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රී .ල.නි.පයේ ඉල්ලීම සම්බන්ධයෙන් රජය මෙතෙක් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා වාර්තාවේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේදී සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බවත් ඉන්පසුව නව අග්‍රාමාත්‍යවරයකු යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත්කරනු ඇතැයිද රාජයේ ආරංචි මාර්ග පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version