Home උණුසුම් පුවත් ලංගම බස් හෙට වැඩ – ආරක්ෂාවත් ඉල්ලයි

ලංගම බස් හෙට වැඩ – ආරක්ෂාවත් ඉල්ලයි

ලංගම බස් හෙට වැඩ – ආරක්ෂාවත් ඉල්ලයි

නියමිත පරිදි ලංගම බස්රථ හෙට (6) දිනයේදී ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ලංගම සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට දිනයේදී දුරගමන් සේවා බස්රථ 1500ක් ඇතුළුව ලංගම බස්රථ 5200ක් ධාවනය කෙරෙන බව සභාපතිවරයා කීය.

ධාවනය වන සියලුම බස්රථ සඳහා විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබෙන බවද ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here