Home උණුසුම් පුවත් නිවස‍ේ නවතා තිබූ වාහන ගිනි තබා ගිහින්

නිවස‍ේ නවතා තිබූ වාහන ගිනි තබා ගිහින්

0
නිවස‍ේ නවතා තිබූ වාහන ගිනි තබා ගිහින්

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

03 වැනිදා අළුයම 1.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුවී ඇත.

මුගුණුවටවන – පුලියන්කඩවර පදිංචි ව්‍යාපාරිකයෙකු වන ලාල් හෙට්ටිආරච්චි නම් අයෙකු විසින් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ඇතුළු පවුලේ අය නිවසේ රැය පහන් කරමින් සිටින විට ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදී බලන විට තම ගෙවත්තේ ගාල් කර තිබූ මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට ගිනි තබා ඇති බව දුටුවේ යැයි ව්‍යාපාරිකයා පැවසීය.

වාහනවලට ගිනි තැබීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 80 ක පමණ අලාභයක් සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේය.

ගිනි තැබීම සිදු කර ඇත්තේ කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

පුද්ගලික ආරවුලක් ගිනි තැබීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයිද පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here