තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජගත් මහලේකම් සහ පුටින් අතර හමුවක්

    ජගත් මහලේකම් සහ පුටින් අතර හමුවක්

    එක්සත් ජතීන්ගේ සංවිධානයෙන් මහ ලේකම් ඇන්තොනියෝ ගුටේරස් තුන්දින නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණි තිබේ.

    ඒ අනුව එම සංචාරයේ ප්‍රථම අංගය ලෙස ජගත් මහ ලේකම් ඇන්තෝනියේ ගුටේරස් විදේශ අමාත්‍ය සෙර්ගී ලැව්රේව් හමුවී ඇත. එහිදී දෙදෙනා මේවන විට දරුණු අතර හැරවී තිබෙන රුසියානු යුක්‍රේන යුද ගැටුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාක්ඡ්ඡා කර ඇත.

    එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්ත‍ෙ‟ ඵලදායි සංවාදයක් සඳහා අවශ්‍ය කරනු ලබන කොන්දේසි නිර්මානය කිරීම සඳහා දැඩි උනන්දුවෙන් කටයුතු කරනු ලබනවා” යනුවෙනි.

    රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරඇත්තේ මේවන විට නිර්මණය වී ඇති ගැටළු විශාල සංඛ්‍යාවක් සඳහා යුක්‍රේණය උත්ප්‍රේරකයක් බවට පත්ව ඇති බවයි.

    කෙසේ වෙතතත් ජගත් මහ ලේකම් ගුටේරස් විසින් රුසියානු ජනාධිපති පුටින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වන බව සඳහන් කර ඇත. එහිදී රුසියා යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් පිළිබඳ සාක්ඡා ආරම්භ කිරීමටද ජගත් මහ ලේකම්වරයාගේ මුලික අරමුණ වී ඇති බවද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img