Home උණුසුම් පුවත් ප්‍රංශය යළිත් මැක්‍රෝන්ට

ප්‍රංශය යළිත් මැක්‍රෝන්ට

0
ප්‍රංශය යළිත් මැක්‍රෝන්ට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දෙවන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරීපත්ව තිබේ.

ඒ අනුව මැක්ක්‍රෝන විසින් සිය ප්‍රතිවාදියා වූ මරීන් ලෙ පෙන්ව ඉතා පහසුවෙන් රාජ්‍ය කිරීමට සමත්වීමද විශේෂත්වයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂඛයින් පෙන්වාදෙයි.

මැක්‍රෝනගේ ජයග්‍රහනය සැලවීමත් සමඟ සතුටින් ඉපිළ ගිය අතර ඔවුන් වීදිපුරා ජය සැමරූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

දෙවන වරටත් ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ලොව පුරා නායකයින් මැක්‍රොන් හට සුබ පැතුම් එක්කර තිබූ අතර ඔහු රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද සුබ පැතුම් එක්කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව මැක්‍රොන් විසින් එරට වලංගු ඡන්ද වලින් සියයට 58.6ක ප්‍රතිශතයක් ලබාදෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ මරීන් ලේ පෙන් හට හිමි ඇත්තේ සියයට 41.4ක ප්‍රතිශතයකි.

ජයග්‍රහනයෙන් පසු මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ ‟ ඇතැමෙක් මට ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මගේ අදහස් වලට එකඟ වෙන නිසා නොවෙයි. ඔවුන්ට අවශ්‍යව තිබුණේ අධික දක්ෂිණාන්ෂික මතදරණ ප්‍රතිවාදි අපේක්ෂිකාව පරාජය කිරීමයි. ” යනුවෙනි.
මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‟ ප්‍රංශයේ කිසිවෙකු අත්හැරීමක් වෙන්නේ නැහැ. මම සියලුදෙනාගේම ජනාධිපතිවරයායි.” ලෙසයි.

වසර විස්සකට පසු ප්‍රංශයේ දෙවන ධුර කාලය ජය ගත් පළමු ජනාධිපතිවරයා වන්නේද මැක්‍රෝන වන අතර එය මෑත ඉතිහාසයේ ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂි සිදුවීමක් බවද දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here