තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු-සිසුන්ට ළඟම පාසලට යන්න දෙන්නැයි කළ ඉල්ලීම ඉවතට

    ගුරු-සිසුන්ට ළඟම පාසලට යන්න දෙන්නැයි කළ ඉල්ලීම ඉවතට

    පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ගුරුවරුන්ට සහ පාසලට පැමිණීමේ දුෂ්කරතා මතු වී ඇති හෙයින් ඊට විකල්ප විසඳුමක් ලබාදෙන්න ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කළ ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

    ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් කැමති ගුරුවරුන්ට සහ කැමති සිසුන්ට තමන්ගේ නිවෙස් ආසන්නයේ පිහිටි පාසල්වලට යාමට අවසර දෙන ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    එම ඉල්ලීමට අවසර දිය නොහැකි නම් විකල්ප විසඳුමක් දෙන ලෙසද අධ්‍යාපන ලේකම්වරයාට යෝජනා කර තිබේ.

    එහෙත් අධ්‍යාපන ලේකම්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img