මුල් පිටුව උණුසුම් පුවත් ආණ්ඩුව ජනමතයට හිස නමන තෙක් උද්ඝෝෂණ මාලාවක්- GMOA

ආණ්ඩුව ජනමතයට හිස නමන තෙක් උද්ඝෝෂණ මාලාවක්- GMOA

0

ආණ්ඩුව ජනමතයට ගරු කරමින් රටේ ස්ථාවර කිරීමට වහා පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

දේශපාලඥයින් ජන මතයට හිස නමා රට ස්ථාවර කරන තෙක් අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම වන්නේ වත්මන් පාලන ක්‍රමය වෙනස් කර ඒ වෙනුවට රටට හිතැති දේශපාලන ක්‍රමයක් බිහි කිරීම බව ද රජය මර්දනය හා ප්‍රචණ්ඩත්වය මුදා හැර ජනතා අරගලය යටපත් කිරීමට උත්සාහ ගන්නා බව ද එම සංගමය සඳහන් කරයි.

රට අස්ථාවර කළ ප්‍රතිපත්තියකින් තොර රජය වහා ජනමතයට සහ ආගමික නායකයින්ගේ මතයට හිස නැමිය යුතු බව ද එම සංගමය සඳහන් කරයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version