මුල් පිටුව උණුසුම් පුවත් පාප් වහන්සේ හමුවෙන්න අගරදගුරු හිමි සමඟ විශේෂ පිරිසක් වතිකානුවට

පාප් වහන්සේ හමුවෙන්න අගරදගුරු හිමි සමඟ විශේෂ පිරිසක් වතිකානුවට

0
file photo

අතිඋතුම් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අලුයම වතිකානුව බලා පිටත්ව ඇති අතර එම සංචාරයට මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ද එක්ව තිබේ.

ඒ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා ය. ඒ අනුව මෙම සංචාරයට 60කට අධික පිරිසක් වතිකානුව බලා පිටත්වී ඇත.

අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශ කර තිබුණේ කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ දැනුම්දී තිබූ බවය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version