මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් රජයේ සියලු වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරුයි

රජයේ සියලු වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරුයි

0

ර⁣ටේ ආරක්ෂාව තහවුරු කරන අයුරින් රජයට අයත් මෙරට සියලු වෙබ් අඩවිවල ආරක්ෂාව මේ වනවිට තහවුරු කර ඇතැයි තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ හැකර්වරුන් පිරිසක් විසින් මෙරට රජයේ වෙබ් අඩවි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු සංසරණය වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

එහෙත් එවැනි කිසිඳු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

සයිබර් ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය සිදුවීමක් බවත්, ඊට මුහුණදීම සඳහා දත්ත ආරක්ෂණ පද්ධතිවල යාවත්කාලීන කිරීම් නිසිපරිදි සිදුකරන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version