තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් ආයෙ එන දවස

    ලීට්‍රෝ ගෑස් ආයෙ එන දවස

    ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.

    ප්‍රමාණවත් තරම් ගෑස් තොග නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම සමාගම පවසයි.

    ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමගාම නවතා දමනු ලැබුවේ, පසුගිය 12 වැනිදා සිටයි.

    ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත තිබේ.

    ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි වෙතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

    කෙසේ වෙතත් කර්මාන්ත ශාලා,රෝහල් ,ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img