මුල් පිටුව දේශීය පුවත් දේශපාලනය සජබයේ විශ්වාසභංගයට සහය දෙන්න ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

සජබයේ විශ්වාසභංගයට සහය දෙන්න ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

0

සමඟි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලීන සර්ව පාක්‍ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම ඇතුළු තවත් කොන්දේසි කිහිපයක් මත ය.

හතරගාතයෙන් වැටී සිටින ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පරාජය කළහොත් නැවත ආණ්ඩුව ශක්තිමත් වන බවද ඔහු සඳහන් කළේය.

එබැවින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසයෙන් යුතුව විශ්වාසභංගයක් ගෙනආ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version