තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවලට පැනවූ සීමාව තවදුරටත් (🛒🧾)

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවලට පැනවූ සීමාව තවදුරටත් (🛒🧾)

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය අප්‍රේල් මස 9 වැනිදා සිට තවදුරටත් දිර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    ඒ අනුව ආහාර වර්ග යටතේ ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන්ෆ්ලෙක්ස් සහ පැස්ටා ආනයනය තහනම් වේ.

    එමෙන්ම වතුර බෝතල්, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ සහ රැවුල කැපීමට ගන්නා විද්‍යුත් උපකරණ සඳහා ද මෙම සීමාවන් ක්‍රියාත්මක වේ.

    මීට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාස තුළ භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහා ද එම සීමා පනවා ඇත.

    මීට අමතරව විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා එම සීමාවන් පනවා ඇති බව එහි සඳහන් වේ.

    එම සම්පූර්ණ ලැයිස්තුව ඇතුළත් ගැසට් නිවේදනය පහත දැක්වේ.

    2274-42_S
    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img