මුල් පිටුව උණුසුම් පුවත් දිස්ත්‍රික් 7කට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික් 7කට නායයාමේ අනතුරු ඇඟවීම්

0

දිවයිනේ පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට නාය යාමේ, ගල් පෙරළීමේ, පස්කඳු කඩා වැටීමේ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ මොහොතේ සිට හෙට (13) දහවල් 1 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව නායයාම් පිළිබඳ සැළකිලිමත් වන ලෙසට යනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ පහත දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක.

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හල්දුම්මුල්ල, හාලි ඇල සහ වැලිමඩ.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ උඩදුම්බර.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල සහ රිදීගම.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, රත්තොට සහ උකුවෙල.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ වලපනේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇහැලියගොඩ

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version