Home විදේශීය පුවත් දේශපාලනය ඉම්රාන් ඛාන්ට ගෙදරම යන්න වෙයි

ඉම්රාන් ඛාන්ට ගෙදරම යන්න වෙයි

0
ඉම්රාන් ඛාන්ට ගෙදරම යන්න වෙයි

පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් විසින් පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවත් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවටත් තීන්දු කර තිබේ.

ඒ අනුව ඉම්රාන් ඛාන්ට එරහෙිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවද යලි පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක්වීමටද නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඛාන් විසින් තමන්ට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වාසභංග යෝජනාව මඟ හැරීමට මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිඳුකළ අතර ඊට එරෙහිව එරට විපක්ෂය අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

මෙම පෙත්සම දින හතරක් විභගයට ගැණුනු අතර ඉන් අනතුරුව අද පස්වරුවේ එහි තීරණය ප්‍රකාශයට පත් කෙරිණි.

ඉම්රාන් ඛාන් පසුගිය කාලයේ ගෙන ගිය පාලනය සම්බන්ධයෙන් විපක්ෂය දැඩිලොස දෝෂාරෝපනය කළ අතර එහිදී ඛාන් සමඟ සන්ධානගතව සිටි පක්ෂද ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට සහය පළකිරීමට තීරණය කෙරිණි.

මෙම විශ්වාසභංග යේජනාවට ජය ගැනීමට ඛාන් හට දැඩි ලෙස අසීරුවන අතර ඔහු එය පරාජය වුවහොත් එය ඔහුගේ දේශපාල දිවිය අවසන් කිරීමට බොහෝ ඉඩකඩ පවතී.

ඉම්රාන් ඛාන් විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව බටහිර රටවල අවශ්‍යතා මත් සිදුවූවක් බවටද ජෝදනා කළද එය සනාථ කිරීමට ඔහු කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සමත්ව නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here