Home විදේශීය පුවත් දේශපාලනය රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි

රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි

0
රුසියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හරියි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයෙන් නෙරපා හැර තිබේ.

ජගත් සංවිධානයේ මහ මණ්ඩලය රැස්වූ අවස්තාවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව පැවති ඡන්ද විමසීමකින් අනතුරුව රුසියාව මෙලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හැර ඇත.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුකොටගෙන අදාල යෝජනාව ඉදිරිපත්ව ඇති අතර එහිදී යෝජනාවට පක්ෂව රටවල් 93ක්ද විරුද්ධව රටවල් 24ක් සහ තවත් රටවල් 58ක් ඡන්දය දීමෙන් වැලකී සිටි තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රටක් නෙරපීම ඉතාම විරල කාරණයක් වන අතර මීට පෙර 2011දී ලිබියාව මෙලෙස නෙරපා හැරීමට පියවර ගැනිනි.

කෙසේ වෙතත් තහනම් සහ ආර්ථික සම්බාධක පැනවීම සිදු කළද රුසියව විසින් යුක්‍රේනය තුල සිදුකරනු ලබන හමුදා මෙහෙයුම් අවසන් කිරීමේ සුදානමක් දක්නට නොලැබේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ එකස් ජාතීන්ගේ සංවිධානය රුසියාවට එරෙහිව ගෙන එන ලද තෙවන යෝජනාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here