තවත්
    මුල් පිටුවදේශීය පුවත්යල කන්නයේ වගාහානි වෙනුවෙන් කෝටි 21ක වන්දි ගෙවලා

    යල කන්නයේ වගාහානි වෙනුවෙන් කෝටි 21ක වන්දි ගෙවලා

    ගොවිජන රක්ෂණ මණ්ඩලය 2021 යල කන්නයේ සිදුවූ වගාහානි වෙනුවෙන් ගොවීන්ට රුපියල් කෝටි 21 ක වන්දි මුදලක් ගෙවා තිබූ බව එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා කීය.

    වී, බඩ ඉරිඟු, සෝයා අර්තාපල් ලොකු ලූනු සහ වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් එම ගොවීන්ට වන්දි මුදල් ලබා දුන් බවද ඔහු කීය.

    ඒ අනුව වගා හානි වූ ගොවීන් 8678 කෙනෙකුට අයත් වන්දි මුදල් ඉකුත් පස් වැනි දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව ද අධ්‍යක්ෂවරයා කීය.

    ගොවි රක්ෂණය යටතේ අක්කරයකට රුපියල් 40,000 කට උපරිමයකට යටත්ව වන්දි මුදල් ගෙවා ඇති බවද ඔහු සඳහන් කළේය.

    වන්දි මුදල් නොලැබුණු ගොවීන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ද පණ්ඩුක වීරසිංහ මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img