Home උණුසුම් පුවත් නව මහ බැංකු අධිපති වැඩ භාරගැනීම හෙට

නව මහ බැංකු අධිපති වැඩ භාරගැනීම හෙට

නව මහ බැංකු අධිපති වැඩ භාරගැනීම හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා රාජකාරි භාරගැනීම හෙට දක්වා කල් තබා තිබේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිට අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඒ මහතා හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස රාජකාරි භාර ගැනීමට නියමිතය.

නව අධිපතිවරයා වැඩ භාරගැනීමෙන් අනතුරුව සවස 5.30ට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි මාසය සදහා වන මුදල් විවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව අධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡාවක නිරතවීමට තීරණය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here